32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂාෆ්ටර්ගේ සිම්පත බිරිඳට දෙන්න බැහැ - අධිකරණය

ෂාෆ්ටර්ගේ සිම්පත බිරිඳට දෙන්න බැහැ – අධිකරණය

දිනේෂ් ෂාෆ්ටර් භාවිතා කළ දුරකථන අංකය ඇතුළත් සිම්පතක් තමන් වෙත ලබාදීමට නියෝගයක් ලබාදෙන ලෙසට ඔහුගේ බිරිඳ අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේනමුත් අධිකරණය ෂාෆ්ටර්ගේ බිරිඳට දැනුම් දී ඇත්තේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බැවින් ඔහු භාවිතා කළ දුරකථන අංකය ඇතුළත් සිම් පතක් ඇයට ලබා දිය නොහැකි බවයි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට ඊයේ (12) දැනුම් දුන්නේ ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක තොරතුරු විමර්ශන අංශයෙන් විමසීමක් කළ යුතු බවටයි.

එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.