29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාසල් උපකරණ මිල 25%කින් පහළට

පාසල් උපකරණ මිල 25%කින් පහළට

අද (13) සිට නිෂ්පාදනය කරන අභ්‍යාස පොත් ඇතුළු සියලු පාසල් උපකරණ මිල හා අනෙකුත් කඩදාසි නිෂ්පාදන මිල 20%ත් 25%ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

දැනට ලැබී ඇති සහන අනුව අද සිට නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල 20%ත් 25%ත් අතර මුදලකින් අඩුවන බවත්, මේ අනුව රුපියල් 4,000කට අලෙවි වූ පොත් බෑගයක් හෝ සපත්තු ජෝඩුවක මිල ආසන්න වශයෙන් රුපියල් 3,000ක් බවට පත්වන බවත් හෙතෙම පැවසීය.

රුපියල් 100කට අලෙවි වන අභ්‍යාස පොතක් හෝ චිත්‍ර පොතක මිල රුපියල් 75ත් රුපියල් 80ත් අතර මිලක් ගන්නා බවත්, දින 30ක කාලයකට පසු එම පොතක මිල රුපියල් 60ක් දක්වා අඩුවන බවත් පවසා සිටි සභාපතිවරයා, මේ ආකාරයට සියලුම භාණ්ඩවල මිල සැලකිය යුතු මුදලකින් අඩුවන බවද පැවසීය.