28.4 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහල්වල යන්ත්‍ර අලුත්වැඩියාවට රුපියල් බිලියන 4ක්

රෝහල්වල යන්ත්‍ර අලුත්වැඩියාවට රුපියල් බිලියන 4ක්

රෝහල් කිහිපයක අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර ඇතුළු අත්‍යාවශ්‍ය යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් බිලියන 4ක මුදලක් අනුමත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තුම්පනේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත අදහස් දකවමින් අමාත්‍යවරයා කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද හැකි ඉක්මනින් විසඳන බවයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රය මාස 5 ක සිට ක්‍රියා විරහිත වී ඇති අතර මහරගම අපේක්ෂා රෝහලේ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රයද මේ වනවිට අක්‍රීයව පවතී.