27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපිලිපීනයේ මයෝන් සක්‍රීය වෙයි

පිලිපීනයේ මයෝන් සක්‍රීය වෙයි

පිලිපීනයේ – ඇල්බේ ප්‍රාන්තයේ පිහිටි ‘මයෝන් ගිනි කන්ද’ සක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් 13,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගිනි කන්දේ සිට කිලෝමීටර 3කට වපසරියක සිටින පිරිස් ඉන් ඉවත් කර ඇති අතර
මීට පෙර 2013 සහ 2018 වසරවලදී මෙම ගිනි කන්ද සක්‍රීය වී තිබේ.

1814 වසරේදී මෙම ගිනි කන්ද සක්‍රීය වීමෙන් පුද්ගලයින් 1,200ක් මියගොස් ඇති අතර පිලිපීනයේ ඇති සක්‍රීයම ගිනි කන්ද මෙය වන බවයි පැවසෙන්නේ.