30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාළු මිල තවත් ඉහළට

මාළු මිල තවත් ඉහළට

බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු කලාපය ආශ්‍රිතව ඇතිවූ සුළි කුණාටු තත්වයන් නිසා මුහුද රළු වීමෙන් මාළු ඇල්ලීමට නොහැකිවී ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ වෙළෙඳ සංගමයේ ලේකම් එන්.ජයන්ත කුරේ පැවසීය.

මෙම මාළු හිඟය නිසා මාළු මිල ගණන්ද ඉහළ ගොස් ඇති අතර සාමාන්‍යයෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට දිනකට මත්ස්‍යයන් ටොන් 400ක් පමණ ලැබුණද, මේ දිනවල ලැබෙන්නේ ටොන් 100 කටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව තලපත් කිලෝවක තොග මිල රුපියල් 2500 ක් දක්වාද, තෝරා කිලෝවක තොග මිල රුපියල් 3000 ක් දක්වාද, බලයා කිලෝවක තොග මිල රුපියල් 1100 ක් දක්වාද, ලින්නා කිලෝවක තොග මිල රුපියල් 1000 ක් දක්වාද, ලින්නා නො.01 කිලෝවක මිල රුපියල් 1300 ක් දක්වාද, සාලයා කිලෝවක තොග මිල රුපියල් 600 ක් දක්වාද වැඩිවී තිබේ.