― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමෙරට සියලුම පළාත්වල ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක්

මෙරට සියලුම පළාත්වල ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක්

ශ්‍රී ලංකාවේ සියලුම පළාත් වල ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගීතා ලේකම් කාර්යාලයේ (PSWFPC) අධ්‍යක්ෂ ජනරාල් පවසනවා.

ශ්‍රී ලාංකිකයන් මිලියන 7.5ක් ප්‍රමාණවත් ආහාර හිඟයකට මුහුණදී සිටින බවට පළ කෙරෙන පුවත් ප්‍රතික්ෂේප කරන බව ද ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගිතා ලේකම් කාර්යාලයේ (PSWFPC) අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ශ්‍රී ලාංකිකයන් මිලියන 7.5ක් ප්‍රමාණවත් ආහාර හිඟයකට මුහුණදී සිටින බවට පළ වන පුවත් භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුමේ (CFSAM) සොයාගැනීම් වලට පරස්පර බවද පැවසීය.