― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපබිලිස් සිල්වාගේ ග්‍රන්ථයට අධිකරණ නියෝගයක්

පබිලිස් සිල්වාගේ ග්‍රන්ථයට අධිකරණ නියෝගයක්

‘ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්’ ග්‍රන්ථයේ කර්තෘත්වය ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වාට හිමි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක තීන්දුව ලබා දෙමින් මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීන්දුව ලබා දුන්නේ.

‘ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට පියුම් පියුම් ග්‍රන්ථයේ’ කර්තෘත්වය තමන් සතු බවත් ඒ අනුව තමන්ට කර්තෘ භාගය හිමි විය යුතු බවටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධර්මා සමරනායක මහත්මිය විසින් සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගමට එරෙහිව 2005 වසරේ කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා.

එම නඩුවේදී කරුණු ඉදිරිපත් කළ සරසවි ප්‍රකාශන සමාගම අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ පැමිණිලිකාර සමරනායක මහත්මිය විසින් සිදුකරන ලද්දේ අදාළ ග්‍රන්ථය සංස්කරණය කිරීම පමණක් බවත් එහි කර්තෘත්වය පබිලිස් සිල්වාට හිමි බවයි.

එම ග්‍රන්ථයේ සංස්කරණ කටයුතු වෙනුවෙන් ඇයට මුදල් ගෙවා ඇති බවත් අදාළ සමාගම වාණිජ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා. 13 වසරේ එම නඩුවේ තීන්දුව ලබා දුන් කොළඹ වාණිජ මහාධිකරණය අදාළ ග්‍රන්ථයේ කතෘ අයිතිය පැමිණිලිකාර සමරනායක මහත්මියට හිමි බවට තීන්දු කර බුද්ධිමය දේපළ පනත යටතේ ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකරන ලෙසත් සරසවි ප්‍රකාශන සමාගම වෙත නියෝගයක් නිකුත් කරනු ලැබ තිබුණා.

එම නඩු විභාගයේදී අදාළ ග්‍රන්ථය මුද්‍රණය කිරීම, රඳවා ගැනීම හා බෙදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා. එම තීන්දුවට එරෙහිවයි සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළේ.

එම අභියාචනය දීර්ඝ ලෙස විභාග කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල අදාළ ග්‍රන්ථයෙහි කර්තෘත්වය පබිලිස් සිල්වා මහතා සතු වන බවට නිගමනය කළා. අදාළ වාණිජ මහාධිකරණ තීන්දුව දෝෂ සහිත බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිගමනය කර තිබෙනවා.

ඒ අනුව සරසවි ප්‍රකාශන සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනය පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර සරසවි පුවත්පත් සමාගමට රුපියල් 25000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් වගඋත්තරකාර ධර්මා සමරනායක මහත්මියට නියෝග කර සිටියා.