26.7 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් ගාස්තු පහළට

බස් ගාස්තු පහළට

ජූලි 01 වැනිදා සිට අවම බස් ගාස්තුව ඇතුළු සියලුම බස් ගාස්තු 20%කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

ජාතික ප්‍රතිපත්තියට අනුව ජූලි 01 වැනිදා බස් ගාස්තු අඩු කිරීමේ වගකීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැවරී ඇති අතර එම කොමිෂන් සභාව කාණ්ඩ 12කට අදාළව ගණනය කිරීම් සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ ඉන්ධන මිල, වාහන අමතර කොටස් මිල, ටයර් සහ බැටරි මිල ඇතුළු කාණ්ඩ 12 ක් සැලකිල්ලට ගෙන ප්‍රතිශතයක් ඉදිරිපත් කරන බවත් ඊට අමතරව පසුගිය කොවිඩ් සමයේදී ආසනගතව පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේ නීතිය සහිතව වැඩි කරන ලද 20%ක බස් ගාස්තුවෙන් මෙතෙක් අඩු කර නැති 10% ද එක්කර ගන්නා බවත්ය.