32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsළමා රෝහලේ ඩෙංගු රෝගීන් ඉහළට

ළමා රෝහලේ ඩෙංගු රෝගීන් ඉහළට

මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු වැලඳුණු ළමුන් 35ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය පැවසීය.

ඩෙංගු තවමත් දිවයින පුරාම පැතිරෙමින් පවතිනවා. මේක අඩුවීමක් අපට දක්නට ලැබෙන්නේ නෑ. රිජ්වේ ආර්යා ළමා රෝහල ගත්තත් මේ වනවිටත් රෝගීන් 35ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. දිනකට රෝගීන් 3 – 4ක් වගේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණෙනවා. රක්තපාතය තියෙන රෝගීන් ගත්තහම 7දෙනෙක් පමණ ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේවෙතත් මේ රෝගී තත්ත්වය තවදුරටත් ඉක්මනින්ම අඩුවෙයි කියන දේ විශ්වාස කරන්න අපහසුයි. මොකද වැසි කාලගුණය තවදුරටත් පැතිරෙමින් පවතින නිසා. එනිසා ජනතාව දැඩි අවධානයක් යොමුකරන්න ඕන අවට සහ නිවෙස්වල පරිසරය ඒ වගේම රැකියා ස්ථානය හා පාසල් භූමිය මදුරුවන් බෝ නොවන ස්ථානයක් බවට පත්කිරීමට.