28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම වැදගත්

උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම වැදගත්

ඩෙංගු ආසාදිතයෙකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ පණිවිඩය කඩිනමින් ජනතාව අතරට ගෙන යා යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය සීතා අර‍ඹේපොල පවසනවා.

එබැවින් ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා රෝගීන් මෙන්ම ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා තුරු සියලු උණ රෝගීන්ද මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ජනතාව පෙළඹවිය යුතු අතර ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ජනමාධ්‍ය සහාය අවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය මේ බව සඳහන් කළේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා පත් කරන ලද බස්නාහිර පළාත් අනුකමිටුව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ඊයේ (14) රැස් වූ අවස්ථාවේදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා ඩෙංගු පාලනය සඳහා අමාත්‍ය කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම විශේෂඥ කමිටුව මඟින් පළාත් මට්ටමින්ද අනුකමිටු 09ක් පත් කරනු ලැබුවා.

විශේෂඥ කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොලගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බස්නාහිර පළාත් අනුකමිටුවේදී දින කිහිපයක් ඇතුළත ඩෙංගු පාලනයට ගත යුතු කඩිනම් පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.