27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයකු හොරණ පෝරුවදන්ඩ මගුරුවෙල මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි බොරුලුගොඩ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පවසන්නේ.

එම සැකකරු සමඟ වෝටර් ජෙල් කරල් 15 ක් හා ඩෙටනේටර් 5 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරකට අනුවයි වැටලීම කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු සේවය කරන පෝරුවදණ්ඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ආයතනයක පිහිටි භූමියේ කළු ගලක් කැඩීම සඳහා රැගෙන එන ලද පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සොරා ගෙන පැමිණි බව පවසා තිබේ.