28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොල්ගහවෙලදී රිය අනතුරකින් සිසුවෙක් ජීවිතක්ෂයට

පොල්ගහවෙලදී රිය අනතුරකින් සිසුවෙක් ජීවිතක්ෂයට

අද (15) උදෑසන පොල්ගහවෙල, හොඳැල්ල ප්‍රදේශයේදී බස් රථයක ගැටී වයස අවුරුදු 12ක පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පොල්ගහවෙල රත්මල්ගොඩ විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බිගුම් විහග සේනාරත්න නම් සිසුවා වන අතර ඔහු තම නිවසේ සිට පාසලට යාමේදී කොළඹ සිට පොළොන්නරුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.