35 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldබිපාර්ජෝයි සුළි කුණාටුව අද ඉන්දියාවට

බිපාර්ජෝයි සුළි කුණාටුව අද ඉන්දියාවට

බිපාර්ජෝයි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 74,000 ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය කාලගුණ අංශය පවසන්නේ ගුජරාට් වෙරළ තීරය සහ කුච් දිස්ත්‍රික්කය හරහා බිපාර්ජෝයි සුළි කුණාටුව අද (15) ඉන්දියාවට ඇතුළු වනු ඇති බවයි.

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අදත් ඉන්දියාවේ ගුජරාට් වෙරළ ආශ්‍රිතව සහ තවත් ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

අවදානමට ලක්විය හැකි ප්‍රදේශවලින් තවදුරටත් ජනතාව ඉවත් කරමින් සිටින අතර
ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් 15 ක් ඇතුළු විශාල පිරිසක් සහන සේවා සඳහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.