29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඖෂධවේදීන්ගේ සංකේත වැඩ වර්ජනය හෙට උදෑසන 8ට අවසන්

ඖෂධවේදීන්ගේ සංකේත වැඩ වර්ජනය හෙට උදෑසන 8ට අවසන්

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ආරම්භ කර ඇති සංකේත වර්ජනය හෙට උදෑසන 8ට අවසන් කෙරෙනවා.

මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි රජයේ රෝහල් රැසක ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබූ බව සඳහන්.

එම සංගමය අද පෙරවරු 8 සිට දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිවයි.

අදාළ ගැටලුවට බලධාරීන් වහාම විසඳුමක් ලබාදීමට පියවර ගත යුතු බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

වෘත්තීයවේදීන් 126ක් සේවය කළ යුතු ඖෂධ නියාමන අධිකාරියේ දැනට සේවයේ නිරත වන්නේ ඖෂධවේදීන් 37ක් වන අතර ඔවුන් වසරක සේවා කාලයකටත් අඩු අත්දැකීම් නොමැති නිලධාරීන් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.