29 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්ස, රීටා පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් හත්දෙනෙකු ඇතුළු අටදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති මෙම ගණිකා නිවාසයේ ඊයේ (15) සවස කළ වැටලීමේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිකා වෘත්තියේ නියැලීමට සිටි කාන්තාවන් 07ක් සහ එහි කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි වියේ පසු වූ කැකිරාව ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර සැකකාරියන් අවුරුදු 19 සහ 29 යන වයස්වල පසුවන්නියන්. මොවුන් අද (16) දින ගලික්ස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.