27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබඹරකන්ද දිය ඇල්ලේ දිය වළකට වැටී සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට

බඹරකන්ද දිය ඇල්ලේ දිය වළකට වැටී සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට

බඹර කන්ද දිය ඇල්ලේ පිහිටි දිය වළකට වැටීමෙන් සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය සරසවියේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි 25 හැවිරිදි සිසුවෙක්.

ඔහු බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට මිතුරන් පස් දෙනකු සමග පැමිණ දිය ඇල්ල ඉස්මත්තේ දියනාමින් සිටි අතරතුර ඔහු මෙලෙස ගැඹුරු දිය වළකට ලිස්සා වැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි සඳහන්.

මෙම සරසවි සිසුන් කණ්ඩායම දිය ඇල්ල නැරඹීමට ප්‍රවේශපත්‍ර ලබා නොගෙන වැලි වංගුව හරහා වෙනත් මාර්ගයකින් දියඇල්ල පරිශ්‍රයට පිවිසී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

මියගිය සරසවි සිසුවාගේ මරණ පරීක්ෂණය හල්දුම්මුල්ල දිසා රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.