28.4 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිනුවන්ගොඩ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කළ මෙම පුද්ගලයන් දෙදෙනාට වෙඩි තබා පළාගොස් තිබුණා.

තුවාලකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරුකර යවා ඇත්තේ.

මෙම වෙඩි තැබීමට හේතුවක් හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ. සිද්ධියෙන් තුවාල ලැබුවේ අවුරුදු 33 සහ 43 වයස්වල පසුවන දෙදෙනෙක්.

වෙඩි තැබීම ටී 56 වර්ගයේ ගිනි අවියකින් සිදු කර ඇති බවටයි දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.