28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඊජිප්තු ජාතිකයන් 09ක් ග්‍රීසියේ අධිකරණයට

ඊජිප්තු ජාතිකයන් 09ක් ග්‍රීසියේ අධිකරණයට

දකුණු ග්‍රීසියට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුවූ සංක්‍රමණික යාත්‍රා අනතුර සම්බන්ධයෙන් ඊජිප්තු ජාතිකයන් 09 දෙනෙක් ග්‍රීසියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ව්‍යසනයෙන් පුද්ගලයන් 78 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු වී ඇති නමුත් පාකිස්ථාන සෙනෙට් සභාවේ සභාපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ පාකිස්ථානු ජාතිකයින් 300 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

සැකකරුවන් 09 දෙනාට මිනිස් ජාවාරම් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් යාත්‍රාව මෙහෙයවීම, එයට අණ දීම සහ ග්‍රීක වෙරළාරක්ෂක භටයින් සමග සන්නිවේදනය සිදු කිරීම කළ බව දිවි ගලවා ගත් අය පැවසීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.