― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමේ වෙලාවේ ජනතාවට මැතිවරණයක් අවශ්‍යයි

මේ වෙලාවේ ජනතාවට මැතිවරණයක් අවශ්‍යයි

මේ වනවිට ජනතාවට මැතිවරණයක අවශ්‍යතාව මතුව ඇතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.

ඕනෑම අවස්ථාවක මැතිවරණය සඳහා කොමිෂන් සභාව සූදානම් බවත් ඒ සඳහා අවශ්‍ය මුලික වැඩකටයුතු මේ වනවිට සිදුකරමින් ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ ඇතිවූ සිද්ධීන් සමග ජනතා කැමැත්ත මේ වනවිට වෙනසකට ලක්ව ඇති බවයි සභාපතිවරයා අවධාරණය කළේ.

ඒ අනුව තම මහජන නියෝජිතයින් පිළිබඳව ජනතාව තුළ පවතින නව කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා කුමන මැතිවරණයකින් හෝ අවස්ථාවක් ලබාදිය යුතුව ඇතැයි සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරි මැතිවරණයේ නාමයෝජනා අවලංගු කළහොත් ඒ සඳහා වියදම් කළ මුදල්වලින් යම් ප්‍රතිශතයක් අපතේ යා හැකි බවයි.