― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දියාවෙන් ලැබුණු ඖෂධ දෙකක් ගැන මතභේදයක්

ඉන්දියාවෙන් ලැබුණු ඖෂධ දෙකක් ගැන මතභේදයක්

ඉන්දීය ණය මුදල යටතේ මෙරටට සැපයූ බව කියන ඖෂධ වර්ග දෙකක ප්‍රමිතිය පිළිබඳ සමාලෝචනයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සඳහන් කළේ එම ඖෂධ පානය කිරීමෙන් පසු රෝගීන් මියයාම සහ විවිධ අතුරු ආබාධවලට ලක්වීම පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි.

ආන්දෝලනයට තුඩු දී ඇති ඖෂධ වර්ග දෙක ඉන්දීය ණය යටතේ මෙරටදී ලබාගෙන ඇති බවද ඔහු පවසා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ මෙම ඖෂධ නිෂ්පාදන ජාතික අන්තරායකර ද්‍රව්‍ය පාලන අධිකාරිය යටතේ ලියාපදිංචි කර මෙරට භාවිත කරන බවයි.

මේ අතර එම ඖෂධ ලබා ගැනීමෙන් පසු රෝගීන් මියයාම සහ ඔවුන් මුහුණ දුන් විවිධ අතුරු ආබාධ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.