28.4 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthමොළේ උණ වළකන එන්නත්වල හිඟයක්

මොළේ උණ වළකන එන්නත්වල හිඟයක්

මෙනින්ජයිටිස් හෙවත් මොළයේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබා දෙන එන්නත මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති පවසයි.

මෙම රෝගය පැතිරී ඇති රටවල සිටින පුද්ගලයින් මෙරටට පැමිණිය හොත් විශාල ගැටලුවක් නිර්මාණය වන බව පැවසූ එම සංගමයේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ මෙම එන්නත පුද්ගලික අංශයෙන් ලබා ගැනීමට හැකියාවක් තිබුණද ඇතැම් ස්ථානවල මෙය අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබීම නිසා ගැටලු නිර්මාණය වීමට හැකියාව පවතින බවයි.

මෙම මොළයේ රෝගය පැතිරී යන රටවල සංචාරය හා අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව යන පුද්ගලයින්ට වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ එන්නත් මධ්‍යස්ථානය මඟින් මෙම එන්නත ලබා දීම සිදු කරනු ලබයි.