26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldටයිටැනික් නැවේ සුන්බුන් සොයා ගිය සංචාරකයින් අතුරුදන්

ටයිටැනික් නැවේ සුන්බුන් සොයා ගිය සංචාරකයින් අතුරුදන්

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් සමඟ අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ යාත්‍රාව අත්ලාන්තික් සාගරය තුළ ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එහි සබඳතා ඇණහිට ඇති බවයි. අමෙරිකානු සංචාරක සමාගමකට අයත් සබ්මැරිනයකින් පුද්ගලයින් 5 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ යාත්‍රාව තුළ දින 4කට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බැවින් එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.