28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන හොර PHI අල්ලයි

රඹුක්කන හොර PHI අල්ලයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් රඹුක්කන නගරයේ වෙළඳසැල්වලින් මුදල් ලබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු ඊයේ (19) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 29 හැවිරිදි වියේ පසුවන අරණායක ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සඳහන්. මෙම පුද්ගලයා රඹුක්කන නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙස දන්වමින් නගරයේ වෙළඳසැල් වෙත ගොස් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ වෙළඳසැලක සේවකයින් පිරිසක් විසින් ඔහුව අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.

අනතුරුව අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (20) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතයි.