30 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහම්බන්තොට මහ රෝහලෙන් විශ්මකර්ම සැත්කමක්

හම්බන්තොට මහ රෝහලෙන් විශ්මකර්ම සැත්කමක්

හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය කාර්ය්ය මණ්ඩලය විසින් විස්මිත සැත්කමක් සිදු කර තිබේ.

හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර පැවසුවේ ඊයේ (19) සිදු කළ සැත්කමකින් කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ දහයක පමණ ගෙඩියක් ඉවත් කිරීමට සමත් වූ බවයි.

හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම ප්‍රමුඛ කණ්ඩායමක් මගින් සිදු කළ සැත්කමකින් මෙම ගෙඩිය ගර්භාෂයෙන් එළියට ගෙන ඇති අතර 49 හැවිරිදි මෙම කාන්තාව ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ තමා හමුවට පැමිණි බවත් උදරයේ විශාලත්වය හා හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බව ඇය තමා හමුවේ පැවසූ බවත් විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම පැවසීය.

ඒ අනුව ඇය වහාම හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර අවශ්‍ය ස්කෑන් පරීක්ෂණ කටයුතු සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇයගේ ගර්භාෂයේ විශාල ගෙඩියක් ඇති බවයි.