25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරංගල කාන්තාවගේ ඝාතනයට ඥාති පුතා දැලේ

රංගල කාන්තාවගේ ඝාතනයට ඥාති පුතා දැලේ

රංගල පොලිස් වසමේ ලොලුගමවත්ත ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස කාන්තාවක් මියගොස් සිටියදී පොලිසිය විසින් පසුගිය 17 වැනිදා සොයාගනු ලැබුවා.

වයස අවුරුදු 85ක කාන්තාවක් තුවාල සහිතව මෙලෙස මියගොස් සිටිය දී සොයාගත් අතර මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී තිබෙනවා.

ඊයේ (19) සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ඥාති පුත්‍රයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගැනුණු සැකකරු 29 හැවිරිදි වියේ පසුවන ලොලුගමවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරු අද (20) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.