― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිර්වින්දන එන්නත සම්බන්ධ මරණ ගැන ඇමතිගෙන් පිළිතුරු

නිර්වින්දන එන්නත සම්බන්ධ මරණ ගැන ඇමතිගෙන් පිළිතුරු

භාවිතයෙන් ඉවත් කළ නිර්වින්දන එන්නත් කිසිදු අවස්ථාවක ළමයින්ට ලබා නොදෙන්නක් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

වයස අවුරුදු දෙකක දරුවෙකුට එන්නත ලබා දුන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් හේතුවෙන් මරණයට පත්වූ බවට කරන චෝදනා අසත්‍ය බවට මෙමගින් තහවුරු වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම දරුවාගේ මරණයට වෙනත් හේතුවක් තිබිය හැකි නමුත් එය නිර්වින්දන එන්නතේ බලපෑමක් නිසා ඇති වූ බවට කරන චෝදනා පදනම් විරහිත බව ද ඔහු ප්‍රකාශ කළා. කෙසේ වුවද නිර්වින්දන එන්නත හේතුවෙන් මරණ සිදුව ඇති බවට කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

බහුකාර්ය සංවර්ධන සහායක සේවයේ නියුතු 253 දෙනෙකු මධ්‍යම, සබරගමු සහ වයඹ පළාත් රෝහල්වල සෞඛ්‍ය කාර්ය සහායකයින් ලෙස යොමුකර ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව ප්‍රකාශ කළා.

අදාළ නිර්වින්දන ඖෂධය ලබා දීමේ දී තරමක් වේදනාකාරී තත්ත්වයක් ඇතිවන බැවින් එය ළමුන්ට ලබා නොදෙන බව අදාළ රෝහල් බලධාරීන් තමාට දැනුම් දී ඇති අතර මේ සම්බන්ධව අදාළ රෝහල්වල වෛද්‍යවරුන් හෙට (22) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා සැබෑ තත්ත්වය පිළිබඳ හෙළිදරව්වක් කරනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඔහු මෙහිදී පෙන්වා දුන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ ඇතැම් කරුණුවලදී ඇතැම් මාධ්‍ය අසත්‍ය රජකරවන බවයි. මාධ්‍ය මගින් මේ ආකාරයෙන් මුදා හරිනු ලබන වල් බූරු නිදහස සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු බවයි ඔහු කියාසිටියේ.