29.5 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඟුරුවාතොටදී මාළු දැලක පැටලුණු අත්බෝම්බය

අඟුරුවාතොටදී මාළු දැලක පැටලුණු අත්බෝම්බය

අඟුරුවාතොට කැන්නන්තුඩාව ප්‍රදේශයේ පින්වේල්ල ඇළ මාර්ගයේ මාළු දැලක පැටලී ආ ජීව අත්බෝම්බයක් හමු වී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (20) පස්වරුවේ මෙම අත් බෝම්බය හමුවී ඇති අතර පින් වේල්ල ප්‍රදේශයේ ඇති කුඹුරු සඳහා ජලය සැපයෙන ඇළ මාර්ගයේ බටගොඩ කැන්නන්තුඩාව මාර්ගය ආසන්නයේ ඇති වතුර වලේ තරුණයන් තිදෙනෙකු මාළු ඇල්ලීම සඳහා දැල් දැමීම සිදු කරමින් සිටියදී දැලෙහි පැටලී ජීව අත්බෝම්බය හමු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පොලීසිය සැක පළ කරන්නේ එම බෝම්බය කිසියම් හෝ පුද්ගලයෙකු විසිකළ බෝම්බයක් විය හැකි බවයි.