27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමස්ක්ගෙන් ඉන්දියාවට ටෙස්ලා කර්මාන්තශාලාවක්

මස්ක්ගෙන් ඉන්දියාවට ටෙස්ලා කර්මාන්තශාලාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඇමරිකාවේ නිල සංචාරයක නිරත වී තිබේ.

එහිදී අගමැති මෝදි එරට ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට නියමිත අතර මෙම හමුවේදී වෙළෙඳ, ආරක්ෂක ඇතුළු වැදගත් ගිවිසුම්වලට අත්සන් තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුව අගමැති මෝදි අමෙරිකානු පාර්ලිමේන්තුවද ඇමතීමට නියමිතය.

මෙම සංචාරයේදී අගමැති මෝදි නිව්යෝර්ක්හිදී ටෙස්ලා හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් හමුවිය.

විදුලි මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඉන්දියාව තුල ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එය මේ වසර අවසානයට පෙර සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් එහිදී ඉලෝන් මස්ක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම හමුවෙන් අනතුරුව එලොන් මස්ක් මෙසේ පැවසීය.

ඉන්දියාවේ අනාගතය ගැන මම පුදුමාකාර ලෙස සතුටු වෙනවා. ඉන්දියාවේ සැලකිය යුතු ආයෝජනයක් කිරීමට ඔහු අපව දිරිමත් කරන නිසා අගමැති මෝදි ඇත්තටම ඉන්දියාව ගැන සැලකිලිමත් වෙනවා. මම මෝඩිගේ රසිකයෙක්. මෙම හමුව ඉතා විශිෂ්ඨයි. මම එයාට ගොඩක් කැමතියි.

මම ලබන වසරේ තාවකාලිකව නැවත ඉන්දියාවට යාමට සැලසුම් කරමි. අපි Starlink අන්තර්ජාලය ඉන්දියාවටත් ගේන්න බලාගෙන ඉන්නවා. මම හිතන්නේ එය දුරස්ථ සහ ග්‍රාමීය ප්‍රදේශවලට ඇදහිය නොහැකි තරම් ප්‍රයෝජනවත් වේවි.