27.2 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවන්දනාවේ ගිය බස් රථයක් අනතුරට

වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට

අම්පාර – සමන්තුරෙයි ප්‍රදේශයේදී අද (21) සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

පොලීසිය පැවසුවේ කතරගම වන්දනාවේ ගිය බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.

කතරගම පෙරහර නැරඹීමට ගොස් ආපසු මඩලකපුව බලා ගමන් ගත් වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

රියදුරට බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.