29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසීෂෙල්ස් රාජ්‍යයේ මංගල ගුවන්යානය මෙරටට

සීෂෙල්ස් රාජ්‍යයේ මංගල ගුවන්යානය මෙරටට

සීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන්තොටුපොළේ සිට අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

මෙම ගුවන් ගමන සදහා එයා බස් ඒ.320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

එයා සීෂෙල්ස් ගුවන් සේවයට අයත් එස්.ඊ.වයි.- 262 දරණ මෙම ගුවන් යානය 06/21 දින අලුයම 04.00 ට සීෂෙල්ස් රාජ්‍යයේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානයෙන් මගීන් 110 දෙනෙකු සමග කාර්යය මණ්ඩලය 06 දෙනෙකු ද පැමිණ සිටි අතර ඔවුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සූදානම් කර තිබුණි.

මෙතැන් සිට මෙම සීෂෙල්ස් ගුවන් යානා සෑම සතියකම දින දෙකක්, එනම් බදාදා සහ ඉරිදා යන දින වල අලුයම 04.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළි උදෑසන 07.30 ට සීෂෙල්ස් බලා පිටත්ව යාමට නියමිතය.