― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉඟිනියාගල පාසල් සිසුවියන් දෙදෙනෙක් අතුරුදහන්

ඉඟිනියාගල පාසල් සිසුවියන් දෙදෙනෙක් අතුරුදහන්

ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් ඉඟිනියාගල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

මෙම සිසුවියන් දෙදෙනාම සමීපව ඇසුරු කළ යෙහෙළියන් බවද වාර්තා වන අතර මෙලෙස අතුරුදන්ව ඇත්තේ, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවන බී.ජී.අශානි වශ්මිකා සහ එෆ්.ආර්. පවීෂා නෙත්මිණි යන සිසුවියන් දෙදෙනෙක් බවයි වාර්ථා වන්නේ.

ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 වන ශ්‍රෙණියේ ඉගෙනුම ලබන මේ සිසුවියන් දෙදෙනා සමීපව ඇසුරු කළ යෙහෙළියන් බව වාර්තා වුණා. 

පවීෂා පාසලට යන බව මව්පියන්ට පවසා අශානිගේ නිවසට පැමිණ තිබුණේ පසුගිය 15 වැනිදායි. අශානිගේ පියා කොළඹ රැකියාවක නිරත අතර ඇය ජීවත්ව තිබෙන්නේ මිත්තණියගේ නිවසේයි. 

ඒ, කුඩා කාලයේදී ඇගේ මව ඇයව අතහැර ගොස් තිබීම හේතුවෙන්මිත්තණියද රැක බලා ගනිමින් අශානි මෙම නිවසේ ජීවත්ව ඇති අතර, පසුගිය 15 වැනිදා උදෑසන නිවසට පැමිණි පවීෂා ද සමගින් ඇය නිවසින් පිටව ඇත්තේ උපකාරක පංතියට යන බව පවසනවා.

නමුත් මෙලෙස පිටව ගිය සිය දැරියන් නැවත නොපැමිණීමත් සමග පවීෂාගේ මව්පියන් සහ අශානිගේ මිත්තණිය ඉඟිනියාගල පොලිසියට පැමිණිල්ලක් කළ අතර පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මෙම සිසුවියන් නිවසින් පිටත් වූ දිනයේ සහ ඊට පසු දිනයේ දී ඔවුන්ගේ මිතුරෙකුට දුරකතන ඇමතුමක් ගෙන ඇති අතර, එහිදී පවසා ඇත්තේ, ඔවුන් කොළඹ සිටින බවයි. ඒ අනුව, අදාළ සිසුවාද පොලිසිය කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

තවමත් නිශ්චිත හේතුවක් අනාවරණ කරගත නොහැකි මෙම සිසුවියන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථානවල සහයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ.

මෙම සිසුවියන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලීමක් කරනවා.