26.1 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇඹුල් කෙසෙල් අපනයනයෙන් ඩොලර් ලක්ෂයක්

ඇඹුල් කෙසෙල් අපනයනයෙන් ඩොලර් ලක්ෂයක්

ඩුබායි රටට සතියකට වරක් ඇඹුල් කෙසෙල් අපනයනය කිරීමෙන් ඩොලර් ලක්ෂයක පමණ මුදලක් උපයා ගැනීමට යාපනය ගොවීන් සමත් වී තිබෙනවා.

මෙලෙස උතුරු පළාතේ වවන ලද ඇඹුල් කෙසෙල් ඩුබායි යැවීම සිදු කරන අතර මෙය ඉදිරි වසර තුන තුළ තවදුරටත් පුළුල් කරමින් එම ආදායම ලක්ෂ පහ දක්වා වැඩි කිරීමට ඉලක්කය වී තිබේ.

එමෙන්ම උතුරු පළාතේ ඉඩම් අක්කර 8000ක් හඳුනාගෙන තරුණ ව්‍යවසායකයන් වෙත පවරා දී, නව තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්. චාල්ස් මහත්මිය උපදෙස් දී ඇති බවද සඳහන්.

තවද පළාතේ වගා කෙරෙන අඹ, පැපොල් හා පැෂන්ෆෘට් විදේශ වෙළෙඳපොළ වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර අක්කර 1000ක මිරිස් වගා කර පළාතේ මිරිස් අවශ්‍යතාව සපුරා ගනිමින් ගොවීන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම මෙහි මුඛ්‍ය අරමුණ වී ඇත.