28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසාවිය මග හැරියොත් විමල් රිමාන්ඩ්

උසාවිය මග හැරියොත් විමල් රිමාන්ඩ්

වරෙන්තු නිකුත් කොට තිබියදී නීතීඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට තරයේ අවවාද කොට පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ නියෝග කළා.

අවසන් වතාවට තම අධිකරණය විසින් ඇප ලබා දෙන නමුත් මින් පසු කුමන හේතුවක් නිසා හෝ එක් දිනක් හෝ නියමිත පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරමින් සැකකාර මන්ත්‍රීවරයාට අවවාද කළා.

නිසි පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පසුගිය 19 වැනිදා වරෙන්තු නිකුත් කොට තිබුණා. ඊයේ (21) උදෑසන 10 ට පමණ නීතිඥවරයෙකු සමග අධිකරණයට පැමිණීම මන්ත්‍රීවරයා ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසම් පත්‍රය අනුව නඩුව කැඳවන තුරු පුරා පැය දෙකට අධික කාලයක් රැඳී සිටීමට ඔහුට සිදු වුණා.