28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලුත උපන් බිළිඳා කුණු ගොඩට දැමූ මවක් අත්අඩංගුවට

අලුත උපන් බිළිඳා කුණු ගොඩට දැමූ මවක් අත්අඩංගුවට

අලුත උපන් බිළිඳෙක් මව විසින් කුණු ගොඩකට දමා යාමේ සිද්ධියක් තඹුත්තේගම – කිරලෝගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පොලිසිය සඳහන් කරන්නේ පසුගිය 16 වැනිදා පස්වරු 02ත් 03ත් අතර කාලයේ දී ඇය දරුවා ප්‍රසූත කර එම දරුවා කුණු ගොඩකට බැහැර කළ බවට තොරතුරු ලැබී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්ද පොලීසිය විසින් ආරම්භ කර ඇති අතර අදාළ කාන්තාව නිවසේදීම මෙම දරුවා ප්‍රසූත කර, පසුව කුණු ගොඩට දමා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව වයස අවුරුදු 33ක් වන තඹුත්තේගම – කිරලෝගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලීසිය පවසන්නේ.

අදාළ මව සහ දරුවා මේ වනවිට තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබයි.