28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපැරීසියේ පිපිරීමකින් 37කට තුවාල

පැරීසියේ පිපිරීමකින් 37කට තුවාල

මධ්‍යම පැරීසියේ සිදුවූ විශාල පිපිරීමකින් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර ප්‍රංශ අගනුවර Rue Saint-Jacques  හි නිර්මාණ පාසලක් සහ කතෝලික අධ්‍යාපන පද්ධති මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ලකයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.

අවම වශයෙන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇතැයි විශ්වාස කෙරෙන බවත් හදිසි සේවකයින් සෝදිසි කිරීමේ කටයුතු සිදුකරන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ පිපිරීමට පෙර දැඩි ගෑස් ගඳක් පැතිරුණු බවත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බවත්ය.

කෙසේ වෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.