31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldමියන්මාරයට භූ කම්පන 03ක්

මියන්මාරයට භූ කම්පන 03ක්

පැය කිහිපයක් තුළදී මියන්මාරය ආශ්‍රිතව භූ කම්පන 3ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ‍යන්ගොන් ප්‍රදේශයෙන් රිච්ටර් මාපකයේ ඒකක 4.5ක භූ කම්පනයක් සිදුව ඇති අතර ඊට විනාඩි කිහිපයකට පසුව ඒකක 4.2ක ප්‍රබලත්වයකින් යුත් තවත් භූ කම්පනයක් ද එම ප්‍රදේශය ආශ්‍රිතව හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙවන භූ කම්පනය හට ගැනීමෙන් පැය 3කට පසුව රිච්ටර් මාපකයේ ඒකක 4.1ක ප්‍රබලත්වයකින් යුත් තවත් භූ කම්පනයක් වාර්තා වී තිබේ.

මෙම කම්පන හේතුවෙන් සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.