― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයේ මුදල්වලින් ඇරඹූ ව්‍යාපෘති 23ක් අතරමග නැවතිලා

රජයේ මුදල්වලින් ඇරඹූ ව්‍යාපෘති 23ක් අතරමග නැවතිලා

නාගරික සංවර්ධන අධිකාරිය විසින් රජයේ මුදල් වියදම් කර ආරම්භ කර ඇති එහෙත් දැනට විවිධ හේතූන් නිසා අතහැර දමන ලද ව්‍යාපෘතීන් 23ක් පවතින බව පසුගියදා පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.

එම ව්‍යාපෘති 23 අතරින් ව්‍යාපෘති 11 ක් ආයතන අතර පවතින ප්‍රශ්න හේතුවෙන් නැවතී ඇති බවයි එහිදී අනාවරණය වුණේ.

මුදල් නොමැතිවීම නිසා නැවතී ඇති ව්‍යාපෘතිවලට අමතරව මෙම ව්‍යාපෘති නතර වීමට ප්‍රධාන හේතුව අදාළ ආයතන අතර මනා සහයෝගයක් හෝ එකඟතාවයක් නොමැතිවීම බවත් කාරක සභාව අවධාරණය කරන ලදී.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් රජයේ මුදල් වියදම් කර ආරම්භ කර ඇති එහෙත් දැනට විවිධ හේතූන් නිසා අතහැර දමන ලද ව්‍යාපෘතීන් පිළිබඳව සලකා බැලීම සහ එමඟින් ව්‍යාපෘතීන් ආරම්භ කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී අනුගමනය කරන ක්‍රමෝපායන්හි හෝ පවතින නීතිරීතිවල වෙනසක් සිදුකිරීම සම්බන්ධයෙන් 2023 ජුනි මස 20 වන දින අජිත් මාන්නප්පෙරුමගේ සභාපතීත්වයෙන් රැස් වු පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බලන ලදී.

මේ අනුව දැනට ආයතන අතර පවතින ප්‍රශ්න හේතුවෙන් අතරමැද නවත්වා ඇති ව්‍යාපෘති 11 ක් සඳහා රු. මිලියන 56,388/= ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති බවත්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් රු. මිලියන 2,531ක් වැය කර තිබුණද, තවදුරටත් ගෙවීම සඳහා රුපියල් මිලියන 14,23ක හිඟ බිල්පත් පවතින බවත් මෙහිදී අනාවරණය විය. එසේම රුපියල් මිලියන 56,999ක මුදලක් ව්‍යාපෘතිවල වැඩ නිමකිරීම සඳහා තවදුරටත් අවශ්‍යව ඇති බවත් මෙහිදී හෙළි විය.