30 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රාථමික අංශ සිසුන්ට අලුත් විෂයක්

ප්‍රාථමික අංශ සිසුන්ට අලුත් විෂයක්

ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට විශේෂ අවසරයක් හිමිව ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ජපන් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් මෙම තීරණය ගත් බවත් ඒ අනුව ජපන් භාෂාව ඉගැන්වීමට අදාළ කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව මේ වන විට සූදානම් කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.