― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅකාර්යක්ෂම පොලිස් නිලධාරීන් ඉවත් කිරීමට උපදෙස්

අකාර්යක්ෂම පොලිස් නිලධාරීන් ඉවත් කිරීමට උපදෙස්

බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් දිගින් දිගටම සිදුකරන මිනී මැරුම්වලට අදාළ කුලී මිනී මරුවන්ට එරෙහිව දැඩිව පියවර ගන්නා ලෙසට මහජන ආරකෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පතිවරයා ඇතුළු සියලු උසස් පොලිස් නිලධාරීන්ට නියෝග ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

දකුණු පළාතේ හා බස්නාහිර පළාතේ මිනීමැරුම් හා අපරාධ වැඩිවීමට විශේෂයෙන්ම බලපා ඇත්තේ එම පළාත් දෙකෙහි සේවය කරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාවය බව පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

එවැනි අකාර්යක්ෂම නිලධාරීන් වහාම ඉවත් කර සුදුසු නිලධාරීන් පත්කරන ලෙසයි එහිදී අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

මෙම ඝාතන මැඩලීම වෙනුවෙන් සිදුකරන මෙහෙයුම් සදහා අනිසි බලබෑම් සිදුකිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

පොලිස්පතිවරයා ප්‍රමුඛ උසස් පොලිස් නිලධාරීන් ඊයේ (21) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා සිදුකළ හදිසි සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ නියෝග ලබා දී ඇත්තේ.