26.1 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඛේදාන්තයකින් අවසන් වූ ටයිටන් සබ්මැරීනයේ ගමන

ඛේදාන්තයකින් අවසන් වූ ටයිටන් සබ්මැරීනයේ ගමන

අතුරුදන් වූ ‘ටයිටන්’ සබ්මැරීනය පිපිරීමකට ලක්ව ඇති බව ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිපිරීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් පස්දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය සඳහන් කරන්නේ.

මෙම සනාථකර ගැනීමත් සමඟ එය සොයා දියත් කළ මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. ටයිටැනික් නෞකාව මුහුදුබත් වී ඇති ස්ථානය ආසන්නයේ දී ටයිටන් සබ්මැරීනයේ බවට විශ්වාස කළ හැකි කොටස් හමුවීමත් සමඟ එය පිපිරීමකට ලක්ව ඇති බවටයි ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය විශ්වාස කරන්නේ.