― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහින්ද කහඳගමට ඇප

මහින්ද කහඳගමට ඇප

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කළේය.

සැකකරුට විදේශ ගතවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කළ අතර සැකකරුට සෑම මසකම අවසන් ඉරිදා පෙරවරු 9 සිට දහවල් 12 දක්වා කොළඹ දූෂණ විමර්ශන කාර්යාංශයේ පෙනී සිටින්නැයි නියෝග කර තිබේ.

සැකකරුට එරෙහිව මෙවැනිම චෝදනා යටතේ විවිධ අධිකරණවල පැමිණිලි ගොනු කර ඇති බවත් සැකකරු දැනුවත්ව සහ හිතාමතා එවැනි වැරදි සිදුකරන බවත් කොළඹ දූෂණ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේය.

කොම්පඤ්ඤ වීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවසක් ලබා දෙන බව පවසමින් සැකකරු රුපියල් ලක්ෂ 70ක මුදලක් ඉල්ලා පැමිණිලිකරු වංචා කර ඇති බව කොළඹ දූෂණ විමර්ශන අංශය අධිකරණයට දන්වා සිටියේය. සැකකරුට චෙක්පත් සහ මුදල් වශයෙන් අවස්ථා දෙකකදී එම මුදල ගෙවා ඇත.