29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩුබායි සිහින පෙන්වා ගැමියන් රැවටූ කාන්තාව අත්අඩංගුවට

ඩුබායි සිහින පෙන්වා ගැමියන් රැවටූ කාන්තාව අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි දෙකක මුදලක් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් කණ්ඩායමක් විසින් මරදාන ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය මහියංගණය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් රවටා මෙම මුදල් වංචා කර ඇති අතර බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධීව රැකියා ඒජන්සියක් ද පවත්වා ගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

33 සැකකාර කාන්තාව මහියංගණය ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය තම සැමියා සමග එක්ව මෙම ජාවාරමේ නිරත වී සිට ඇතැයි සඳහන්.

සැකකාරිය මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් රවටා විදෙස් රැකියා ලබාදෙන බවට පවසමින් එක් අයෙකුගෙන් රුපියල් හත් ලක්ෂ පනස් දහසක් පමණ මුදලක් ලබා ගෙන තිබූ බවට හෙළිවී තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබී තිබූ පැමිණිළි මත සිදු කළ විමර්ශනයේ දී සැකකාර කාන්තාව මහියංගණ ප්‍රදේශයේ පදිංචිය අතහැර මරදාන ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන රැකියා ඒජන්සිය වෙත පැමිණ ඇතැයි සඳහන්.

ඒ අනුව විමර්ශන කණ්ඩායම එම රැකියා ඒජන්සිය වෙත ගොස් මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම කාන්තාවගේ සැමියා ද විමර්ශන කණ්ඩායම වෙත පැමිණ භාර වීමට නියමිත බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන්.

අත් අඩංගුවට ගත් කාන්තාව මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.