32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයාපනයේ බාලිකා පාසල් සඳහා Whatsapp ගෲප් - පොලිසියෙන් උපදෙස්

යාපනයේ බාලිකා පාසල් සඳහා Whatsapp ගෲප් – පොලිසියෙන් උපදෙස්

යාපනයේ බාලිකා පාසල්වල සියලුම ශිෂ්‍යාවන්ගේ සහ දෙමව්පියන්ගේ දුරකථන අංක ලබාගෙන වහාම එම පාසල් සදහා වට්ස්ඇප් සමූහයන් නිර්මාණය කරන ලෙසට යාපනය නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයන් මේ වනවිටත් යාපනය අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත ද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වට්ස්ඇප් සමූහයන් පන්තිභාර ගුරුවරුන් විසින් මෙහෙයවිය යුතු අතර, අදාළ බාලිකා පාසල් අයත් පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානය මඟින් නිරන්තරයෙන් එම පාසල් හා වට්ස්ඇප් සමූහ සමඟ සම්බන්ධකම් පවත්වා ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවත් නියෝජ්‍ය පොලිස්පත්වරයා දන්වා තිබෙනවා.

යාපනයේ බාලිකා පාසල් කීපයකම ශිෂ්‍යාවන්ට බාහිර පුද්ගලයින්ගෙන් සිදුව ඇති අකටයුතුකම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවටු වාර්තා වන්නේ.

මේ අතර පාසල් සිසුවියන් නිවසින් පාසල්ට පැමිණීම නියමිත වේලාවන්, නිවසට ආපසු පැමිණීම දක්වා කාලය තුළ අවශ්‍ය කෙරෙන තොරතුරු අදාළ වට්ස්ඇප් සමූහයන් හරහා දෙමාපියන් සහ ගුරුවරුන් හුවමරු කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙම ක්‍රමවේදයට සමගාමීව යාපනයේ බාලිකා පාසල්වල ශිෂ්‍යාවන් පාසල් වෙත රැගෙන එන සියලුම රියදුරන්ගේ තොරතුරු ද පොලිස් ස්ථාන මඟින් රැස්කරගන්නා ලෙසට ද උපදෙස් දී තිබෙනවා.