― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportජගත් එක්දින පිටියේ වනිඳුගෙන් වාර්තාවක්

ජගත් එක්දින පිටියේ වනිඳුගෙන් වාර්තාවක්

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර එක්දින පිටියේ වාර්තාවක් පිහිටුවීමට අද (25) සමත් වුණා.

ඒ, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට තරග තුනක දී කඩුලු පහ බැඟින් දවාගත් ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත් වෙමින්.

මීට පෙර පාකිස්ථාන හිටපු වේග පන්දු යවන්නෙකු වන වකාර් යුනිස් එම වාර්තාව පිහිටුවා තිබුණා.

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අයර්ලන්තය සමඟ අද පැවති තරගයේ දී කඩුලු පහක් දවාගැනීමට වනිඳුට හැකියාව ලැබුණා.

මීට පෙර පැවති ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරග දෙකේ දී ද වනිඳු පිළිවෙලින් කඩුලු 05ක් සහ 06ක් දවාගත්තා.