― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඑකම අංක තහඩු සහිත ත්‍රීරෝද රථ 02ක් අල්ලයි

එකම අංක තහඩු සහිත ත්‍රීරෝද රථ 02ක් අල්ලයි

එකම අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් ධාවනය කල ත්‍රිරෝද රථ දෙකක් පොල්පිටිය පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ගිනිගත්හේන ප්‍රදේශයේ සිට පොල්පිටිය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක ලියාපදිංචි අංක තහඩුව පිලිබදව සැකසිතු පොල්පිටිය පොලිස් ස්ථානයේ බුද්ධි අංශයේ නිලධාරින් එම ත්‍රිරෝද රථය නතර කර (25) දින පරික්ෂා කිරිමේදි එය ව්‍යාජ අංක තහඩුවක් බවට තහවුරු විමෙන් අනතුරුව ත්‍රිරෝද රථයේ රියදුරා සහ ත්‍රිරෝද රථය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිරෝද රථයේ ප්‍රදර්ශනය කර තිබු අංකය පිලිබදව මොටර් රථ ලියාපදිංචි දෙපාර්තුමේන්තුවෙන් පරික්ෂා කර බැලිමේදි එම අංකයටම තවත් ත්‍රිරෝද රථයක් වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට තහවුරු විමත් සමග පොල්පිටිය පොලිසියේ නිලධාරින් විසින් එම ත්‍රිරෝද රථයද පොලිස් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ගිනිගත්හේන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථය ව්‍යාජ ලියකියවිලි සකස් කර ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් ධාවනය කර ඇති බවයි.

ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් ධාවනය කල ත්‍රිරෝද රථයේ රියදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතාගේ අධික්ෂණය යටතේ පොල්පිටිය පොලිසිය ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.