30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුරුවිට - පුස්සැල්ල මාර්ගයේ බස් රථ අනතුරක්

කුරුවිට – පුස්සැල්ල මාර්ගයේ බස් රථ අනතුරක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුරුවිට – පුස්සැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයේ නවතා තිබූ තවත් බස් රථයක ගැටී අද (26) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ බලා අධික වේගයෙන් ධාවනය වූ පුද්ගලික බස් රථයක් මෙම අනතුර සිදුකර ඇති අතර අනතුරින් 20දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් 5 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.