26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජයටම කරගෙන ගිය ගණිකා නිවාස 02ක් වටලයි

ජයටම කරගෙන ගිය ගණිකා නිවාස 02ක් වටලයි

රාගම සහ ගල්කිස්ස ප්‍රදේශවල පවත්වාගන ගිය ගණිකා නිවාස දෙකක් වටලා 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවනවා.

රාගම, කඩවත පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එක ගණිකා නිවසක් ඊයේ (25) වටලා ඇති අතර එහිදී එම ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සහ ඊට සහාය දැක්වූ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 36 හැවිරිදි වියේ පසුවන කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරියන් දෙදෙනා 32 සහ 36 යන වයස්වල පසුවන තෙලිජ්ජවිල සහ කිරිඳිවැල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි වාර්තා වන්නේ.

මේ අතර ගල්කිස්ස වෙරළ පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ද ඊයේ (25) වටලා කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. අත්අඩංගුවට ගැනුණු සැකකාරියන්ගෙන් එක් කාන්තාවක් එම ස්ථානය පවතවාගෙන ගිය තැනැත්තිය වන බවයි පොලිසිය පැවසුවේ.

අනෙක් සැකකාරියන් දෙදෙනා ගණිකා සේවය සැපයීම වෙනුවෙන් එහි රැඳී සිටි අයවලුන් බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් 29, 32 සහ 45 යන වයස්වල පසුවන්නියන්.

මොවුන් කොළඹ 03, රත්මලාන සහ හාලිඇල යන ප්‍රදේශවල පදිංචිකාරිණියන්. මෙම ගණිකා නිවස දෙකම සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවතවාගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනුණු සියලු දෙනා අධිකරණයන් හමුවට අද (26) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.