26.7 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්ද්‍රව්‍ය ගන්න මුදල් නොදුන්නැයි සැමියා බිරිඳට කළ අපරාධය

මත්ද්‍රව්‍ය ගන්න මුදල් නොදුන්නැයි සැමියා බිරිඳට කළ අපරාධය

තම බිරිඳට ගිනි තබා ඝාතනය කළ සැමියෙක් ඊයේ (25) චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ යාපනයේ මූලවෙඩ්ඩි ප්‍රදේශයේ නිවසකදී මොහු තම බිරිඳ ගිනි තබා ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ රෙජි නිශාන්තන් නිශාන්දිනී නැමැති කාන්තාවකි.

ඇයගේ සැමියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු වන බවත් ඔහු මත්ද්‍රව්‍ය ගැනීමට මුදල් ඉල්ලා කරදර කළ අවස්ථාවේදී ඇය ඊට මුදල් ලබා නොදීම නිසා ඇයගේ සිරුරට භූමිතෙල් වත්කොට ගිනි තබා ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඇදුම්වලට ගිනිගත් කාන්තාව කෑ මොර ශී හඬ ඇසී අසල්වාසීන් පැමිණ ඇගේ සිරුරේ ගින්න නිවා යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇයව ඇතුළත් කර ඇති අතර
බරපතල තත්ත්වයෙන් පසු වූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කොට යැවීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.