හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් වන වෛද්‍ය පී.එම්.බී. සිරිල් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියයන විට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 89 වැනි වියෙහි පසුවිය.
හිටපු අමාත්‍යවරයා සිය නිවසේ පිටතින් සවිකර තිබූ විදුලි සෝපානයක් ආධාරයෙන් තුන්වන මහලේ අළුත්වැඩියා කටයුතු පරීක්ෂා කිරීම සදහා ඔහුගේ රියැදුරු සමගින් ඉහළ මාලයට ගමන් කරමින් සිටියදී සෝපානය කැඩී බිමට වැටී තිබේ.
සෝපානය කැඩී බිමට වැටීමෙන් හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ රියැදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි හිටපු අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.