― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsත්‍රිපෝෂ හිඟයෙන් මෙරට ළමා මන්දපෝෂණය ඉහළට

ත්‍රිපෝෂ හිඟයෙන් මෙරට ළමා මන්දපෝෂණය ඉහළට

මේ වනවිට පවතින ත්‍රිපෝෂ අර්බුදය හේතුවෙන් රට තුළ මන්දපෝෂණ තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් මාස හයත් අවුරුදු තුනත් අතර දරුවන්ගේ පෝෂණ ගැටලු වර්ධනය වී ඇති බවයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ගැබිනි මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ අවුරුදු පහට අඩු දරුවන් සඳහා අමතර ආහාරයක් ලෙස ලබා දෙන ත්‍රිපෝෂ නොලැබීම මන්දපෝෂණය ඉහළට යාමට හේතුවක් බවයි.

එමෙන්ම මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මන්දපෝෂණ ප්‍රතිශතය 50% ක් වන අතර හම්බන්තොට, නුවරඑළිය, ගාල්ල, මාතර, මොනරාගල, කළුතර, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල මෙම ප්‍රතිශතය 50% ද ඉක්මවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.